LKcod.com - Cash On Delivery Details Database in Sri Lanka
Online ව්‍යාපාර කරණ හැමදෙනාටම වගේ මුහුණ දෙන්න වෙන ගැටලුවක් තමයි ඩිලිවරි ආයතන හරහා කෑෂ් ඔන් ඩිලිවරි විදිහට යවන භාණ්ඩ ගැණුම්කරුවන් විසින් භාර නොගැනීම. මේ නිසා මුදල්, කාලය අපතේ යාම පමණක් නොව භාර නොගත් භාණ්ඩ නැවත ලැබීමේදී හානි වීම නිසා සිදුවන පාඩුවද විශාලයි.
මෙම පාඩුව අවම කරගැනීමට නොයෙකුත් ක්‍රම අනුගමණය කලද වංචාකාර ගැණුම්කරුවන්ට හසුවීම වලක්වාගැනීම අපහසුය. උදාහරණයකට ඇනවුම යැවීමට පෙර ගැණුම්කරු හට දුරකතනය මගින් අමතා ඔහු ඇනවුම ලබාගන්නා බව තහවුරු කිරීමෙන් පසු ඇනවුම් යැවීම දැන් බොහෝ විකුණුම්කරුවන් සිදු කරනු ලබයි. නමුත් එසේ කලද තවමත් බොහෝ ඇනවුම් ලබානොගෙන කැන්සල් වීම සිදුවෙයි.
ඇනවුම් ගැණුම්කරුට යැවීමට පෙර ගැණුම්කරු ගැන පෙර විපරමක් කරගැනීමට හැකිනම් එය බොහෝ සේ වටී.. දැන් මෙම මෙවලම භාවිතා කර එය කරගැනීමේ හැකියාව පවතී. මෙමගින් ඕනෑම ගැණුම්කරුවකුට අයිතමයක් යැවීමට පෙර එම ගැණුම්කරු මීට පෙර ඇනවුම් ලබානොගෙන කැන්සල් කර තිබේද යන්න පරීක්ශා කර ගත හැක. එසේ කලින් භාණ්ඩ ඇනවුම් කර ලබානොගත් ගැණුම්කරුවන්ට භාණ්ඩ නොයවා සිටීම හෝ වැඩි අවදානයක් දැක්වීම මගින් කැන්සල් වීම් අවම කරගත හැක.
මෙම මෙවලම මගින් කල හැකි දේ
- දුරකතන අංක මගින් ෆේක් කස්ටම සොයාගත හැක
- ගැණුම්කරුගේ නම ටයිප් කර ෆේක් කස්ටම සොයාගත හැක
- ගැණුම්කරුගේ නගරය ටයිප් කර ෆේක් කස්ටම සොයාගත හැක
- ඔබගේ ඇනවුම් භාරනොගත් ගැණුම්කරුවන්ගේ විස්තර ඇතුලත් කල හැක
ඔබ මෙම මෙවලම මගින් සේවාව ලබාගන්නා අතර ඔබගේ ඇනවුම් නොගන්නා ගැණුම්කරුවන්ගේ විස්තර මෙම මෙවලමට ඇතුලත් කිරීමටද අමතක නොකරන්න. එමගින් රට වටා සිටින සියලුම ඇනවුම් ලබානොගන්නා ගැණුම්කරුවන්ගේ එකතුව සාදාගත හැකි නිසා කෙටි කාලයක් තුල ගැණුම්කරුවන් හිතාමතා කැන්සල් කරන සියලුම ඇනවුම් නවතිනු ඇත.
භාණ්ඩ ඇනවුම් කර ලබානොගත් අයගේ විස්තර ඇතුලත් කිරීමට මෙතන ඔබන්න.
භාණ්ඩ ලබානොගත් විශාල පිරිසක් එකවර ඇතුලත් කිරීමට මෙතන ඔබන්න
භාණ්ඩ ඇනවුම් කර ලබානොගත් අයගේ විස්තර බලාගැනීම සදහා මෙතන ඔබන්න
මීට අමතරව ඔන්ලයින් ව්‍යාපාරිකයින් සදහා ඉදිරියේදී තවත් වටිනා මෙවලම් හදුන්වාදෙන බැවින් මෙතන ඔබලා ඔබගේම ගිණුමක් සාදාගෙන සිටීමට අමතක නොකරන්න